images/IMG-cb97fc8acf751c3603b3d8a594f773d3-V.jpg
images/IMG-20210410-WA0076.jpg
previous arrow
next arrow

(1962-1977)

ආර්.පී.ඩී. විජේසූරිය විදුහල්පතිනිය

කන්‍යාරාමයේ කතෝලික කන්‍යා සොයුරියන් යටතේ ක්‍රියාත්මක වූ කොටුවේගොඩ පාසල ස්වාධීන පාසලක් ලෙස රජයට පවරා ගැනීමත් සමඟ රජය මගින් විදුහල්පතිවරයෙකුද පත්කරන ලදී. රජයට පවරා ගැනීමෙන් පසු ප්‍රථම විදුහල්පතිතුමිය ලෙස ආර්.පී.ඩී. විජේසූරිය මහත්මිය පත්කර ඇත.ඇයගේ සේවා කාලය වසර 15කි.

 (1977 – 1987)

එච්.එල්.පී.ඩී.ජයවීර මිය

ඇයගේ සේවාකාලය වසර 10කි. එම කාලය තුළ පාසලේ සුවිශේෂී වෙනස්කම් රාශියක් ඇති කරමින් පාසල ප්‍රගතිය කරා රැගෙන ගොස් ඇත.

11 ශ්‍රේණිය දක්වා පැවති පන්තිවලට අමතරව අ.පො.ස. (උ.පෙළ) පන්ති ආරම්භය මෙතුමියගේ කාලය තුළ සිදුවිය. මේ කාලයේ සිදු වූ තවත් සුවිශේෂී කටයුත්තක් වූයේ කොටුවේගොඩ විද්‍යාලය නමින් ව්‍යවහාර වූ නාමය වෙනුවට මාතර මහාමායා බාලිකා විද්‍යාලය' භාවිතයට ගැනිමයි. මෙතුමිය පාසලේ වර්තමාන ටයිපටිය (නිල් සහ කහ ඉරි වලින් සමන්විත) භාවිතයට ගැනීම ඇයගේ කාලයේ එකතු වූ සංස්කෘතිකාංගයක් වේ.

(1987-2005) එන්. හත්කොටුව විදුහල්පතිනිය
එන්. හත්කොටුව මහත්මිය වසර 18 ක දීර්ඝ කාලයක් පාසලේ ප්‍රගතිය හා සංවර්ධනය ඉලක්ක කර ගෙන අධ්‍යාපන කටයුතුවලට අමතරව විෂය සමගාමී කටයුතුවලට ද දරුවන් යොමු කරමින් සුවිශේෂි මෙහෙයක් ඉටුකර ඇත. පාසලේ ප්‍රථමවරට නිවාසාන්තර ක්‍රීඩා තරඟයක් සංවිධානය කොට පැවැත්විමද මෙතුමියගේ කාලයේ සිදුවූවකි. අ.පො.ස.(උ.පෙළ) සඳහා වාණිජ විෂය ධාරාව එකතු කිරීම මෙතුමියගේ කාලයේ සිදුවූ සුවිශේෂීතම කාර්යයකි.
(2005-2009) තමරා දුනුවිල විදුහල්පතිනිය
මෙතුමිය වසර 4ක සේවා කාලය තුළ පාසලේ දියුණුව හා ප්‍රගතිය වෙනුවෙන් කටයුතු කළාය.ශිෂ්‍ය සාධන මට්ටම මැනීම සඳහා නොයෙකුත් ක්‍රියාමාර්ග දියත් කරමින් ඉගෙනුම් ඉගැන්වීම් කාර්යයන් වඩාත් ප්‍රතිඵලදායක ලෙස ඉහළ නැංවූ මෙතුමියවිද්‍යාගාර, පුස්තකාල පහසුකම් ආදිය මේ කර්තව්‍යය සඳහා උපකාර කරගෙන ඇත. රතුකුරුස සංවිධානය, තූර්යවාදක කණ්ඩායම, ඉංග්‍රීසි -සිංහල සාහිත්‍ය සමිති, බෞද්ධ සමිති මෙන්ම සංගීත කණ්ඩායම් හා නැටුම් කණ්ඩායම් සකස් කිරීමද මෙතුමියගේ කාලයේ සිදුවූ සේවාවන්ය. සැබවින්ම මහාමායා ඉතිහාසයේ මානව මෙන්ම භෞතික සම්පත් සංවර්ධනයෙහි යහපත් කාලයක් ලෙස සැලකිය හැකිය.

(2009-2013)

ඩී.එස්. විදානපතිරණ විදුහල්පතිනිය
මෙතුමිය ශිෂ්‍ය සාධන මට්ටම ඉහළ නැංවීම මෙන්ම භෞතික සම්පත් ගොඩනැගීම වෙනුවෙන් කැපවී කටයුතු කරනු ලැබුවාය. මෙතුමිය 2004 සුනාමි ව්‍යසනයෙන් විනාශ වූ භෞතික සම්පත් නැවත යථාතත්ත්වයට පත්කිරීමේ කටයුතු ක්‍රියාත්මක කරමින් පාසලේ ප්‍රගතිය සඳහා උර දී ක්‍රියා කළාය.

(2013- 2015)

රත්නා ජයනෙන්ති විදුහල්පතිනිය
 

වසර 2ක කාලයක් පාසලේ භෞතික සම්පත් ගොඩනැංවීමට කැපවී කටයුතු කර ඇත. කසල කළමනාකරණය, ජල කළමනාකරණය, ගෙවතු වගාව, ශ්‍රමදාන ව්‍යාපෘතිය ආදී පරිසරය සම්බන්ධ ව්‍යාපෘති රැසක් දියත් කරමින් පාසල් පිරියත ක්‍රමවත් කිරීමට ප්‍රයත්න දැරූ විදුහල්පතිනියකි. පාසලේ ගොඩනැගිලි අලුත්වැඩියාව, විද්‍යාගාර පුස්තකාල පහසුකම් වැඩිදියුණු කිරීමටද සක්‍රියව දායක වී ඇත.

මෙලෙස දිගු ඉතිහාසයකට උරුමකම් කියන මහාමායාවේ වර්තමාන විදුහල්පතිනිය දිස්නා සේනානායක මැතිනියගේ අප්‍රතිහත ධෛර්යය හා මඟ පෙන්වීම මත නොසැලෙන ඉදිරි ගමනකට අවතීර්ණව සිටින්නීය.සුනාමි ව්‍යවසනයෙන් මහාමායා ඉතිහාසගත තොරතුරු මුහුදු රකුසා විසින් ගිලගත්තද ශේෂ වූ තොරතුරු තුළින් මහාමායාවේ ඉතිහාසය වර්තමානයටද ආශිර්වාදයක් වීමඟ පෙන්වන බව කීම සත්‍යයකි.

(2015- 2020)  දිස්නා සේනානායක විදුහල්පතිනිය 

 

 

 
 
වසර 6ක කාලයක් පාසලේ භෞතික සම්පත් මානව සම්පත් සංවර්ධනය කර ගැනීමට කැපවී කටයුතු කිරීම ශිෂ්‍ය සාධන මට්ටම ඉහල නැංවීමටවිවිෂ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ශිෂ්‍යත්වය /අපොස සාමාන්‍ය පෙළ /උ.පෙළ ප්‍රතිඵලය ඉහළ ප්‍රතිශතයකට ගෙන ඒමට කටයුතු කිරීම.පාසල් කාලය තුළ ගෙවතු වගාව /ශ්‍රමදාන ව්‍යාපෘති ආදී පරිසර සම්බන්ධ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන ලදී. පාසල් පරිසරය ඉතා අලංකාර ලෙස සකස් කරමින් පාසල ආකර් ෂණීය ස්ථානයක් බවට පත් කිරීම/ බුදු මැදුර සෑදීම/ත්‍යාග ප්‍රදානෝත්සවය ප්‍රථම වරට පැවැත්වීම/ ගොඩනැගිලි නවීකරණය කිරීම/ කාර්යාල නවීකරණය කිරීම/ සුහුරු පංති කාමරය හදුන්වා දෙමින් පරිගණකාගාරය නවීකරණය කිරීම ආදී දේ එතුමියගේ කාලය තුළ සිදුවූ මෙහෙයන් වේ.