පාසල් ගීතය
|
සිරිනි විරාජිත දස දෙස පූජිත මහාමායා විදුහල් මාතා කර අභිවන්දන නමාමි පා යුග පුද දී මේ බැති මල් දෝතා සැරදේ සැරදේ සැරදේවා මහාමායා විදුහල් මාතා
සකල කලා රස හා විද්‍යා නෙත ශිල්ප සතර දී මග පෙන්වූ ඥාණ වීර්ය ගුණ එඩිතර භාවය සැරදේ සැරදේ සැරදේවා අප සිත ගත තුළ පණ ගැන්වූ මහාමායා විදුහල් මාතා
දේශ භක්තියත් ජන විමුක්තියත් උදාර චින්තනයෙන් හෙබවූ ධීර වීර ජාතියක් නගන්නටට නිත්‍ය සත්‍ය වදනින් කැපවූ සැරදේ සැරදේ සැරදේවා මහාමායා විදුහල් මාතා දෑ කුල ආගම් භේද දුරැරලා බොදු කුල දැරියන් විලස සැදී දෑ අභිිිමානෙන් පෙරමුණ ගන්නට ඇප කැප වෙමු අපි ඵකට බැඳී සැරදේ සැරදේ සැරදේවා මහාමායා විදුහල් මාතා |


