images/IMG-cb97fc8acf751c3603b3d8a594f773d3-V.jpg
images/IMG-20210410-WA0076.jpg
previous arrow
next arrow

                                                                                          පාසල් විනය නීති පද්ධතිය  

 

  • දිනපතා පෙ.ව.7.30 ට පෙර පාසල් පැමිණිය යුතුය.
  • විදුහල්පතිනියගේ අවසරයක් නොමැතිව කිසි විටෙක පාසල් කාලය තුළ පාසලෙන් බැහැරව යා නොහැකිය.
  • නිවැරදි නිල ඇදුමෙන් සැරසී පාසලට පැමීණිය යුතුය.
  • කුඩා කරාබු ජෝඩුවක් කළු පටිය සහිත කුඩා අත් ඔරලෝසුවක් (10,11,12,13 ශ්‍රේණිවල ශිෂ්‍යාවන්ට පමණි)හැර වෙනත් කිසිදු ආභරණයක් නොපැළදිය යුතුය.
  • අවට පරිසරය පිරිසිදුව තබා ගත යුතු අතර සියලු අපද්‍රව්‍යයන් නිසි පරිදි බැහැර කළ යුතුය.
  • ජංගම දුරකථන,අනවශ්‍ය පුවත්පත්,පොලිතින් ඇතුළු පාසල් පරිසරයට අහිතකර කිසිවක් පාසලට ගෙන ඒම තහනම් වේ.
  • විදුහල්පතිනිය‌ෙ හා ගුරු මණ්ඩලයට අවනත විය යුතුය.
  • පන්ති කාමරයෙන් බැහැර ව යන සෑම අවස්ථාවකදී ම අවසර පත්‍රය රැගෙන යා යුතුය.
  • ශිෂ්‍ය නායිකාවන්ට හා පන්ති නායිකාවන්ට අවනතව පාසල් පරිසරය තුළ ස්වයං විනය පවත්වා ගත යුතුය.
  • පාසලේ භෞතික සම්පත් ආරක්ෂා කර ගත යුතුය.
  • පාසල තුළදීත් පාසලින් පිටතදීත් තමන්ගේ හා පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි සාරධර්ම රැක ගනිමින් කටයුතු කළ යුතුය.
  • සියළුම ශිෂ්‍යාවන්ගේ විනය මෙම විනය නීති පද්ධතියට අවනත විය යුතු බව තරයේ සිහි තබා ගත යුතුය.
  • මෙම නීතිවලට අවනත නොවන සියළුම ශිෂ්‍යාවන් විනය මණ්ඩලයේ හා විදුහල්පතිනියගේ දඩුවම් වලට යටත් වේ.